Sri Lankan Police Clearance එක ගන්න ආකාරය
ශ්‍රී ලංකාවේ පොලීසියෙන් ගන්න ඕනා Good Conduct Certificate
පලවෙනි වතාවට Visit Visa එකකින් UAE ඇවිත් ඉන්න කෙනෙක් හෝ එන්න ඉන්න කෙනෙක් හෝ Cancel Visa ඉන්න කෙනෙක් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා පොලිසියෙන් ගත්ත පොලිස් වාර්තාවක් UAE වල Job එකේ Employment Visa Process එකට දෙන්න ඕනා. ඒක කරගන්න විදිහ කෙටියෙන් මෙහෙමයි.
1. දැන් ඔයා Sri Lankan Online පොලිස් වාර්තාව ගන්න ඕනා. මේ Link එකෙන් ගිහින් Apply කරන්න. ඒක තමන්ගේ ලංකාවේ ගෙදරට Deliver වෙන්න දාන්න. මේක Address වෙන්න ඕනා UAE Embassy - Colombo විදිහට. මේකට රු.5,100/- ක වගේ මුදලක් යනවා. ලිපින කිහිපයක හිටියත් උපන්ද සිට පොලිස් වසම් එකක හිටිය විදිහට දාන්න බලන්න. මේකෙදී ඔයා Upload කරන Documents සියල්ලම JPG Format එකෙන් 250KB වලට වඩා අඩුවෙන් තියෙන්න ඕනා. ගමේ පොලීසියෙන් අතින් පොලිස් රිපෝට් ගන්න එපා. අනිවාර්‍යෙන්ම Online Apply කරලා ගන්න. Online Apply කරන එක සයිට් එකේ නැත්නම් එතන තියෙන Application එක Download කරලා හරියට ඉංග්‍රීසියෙන් පුරවලා ලගම පොලීසියට ගිහින් අදාල ලියකියවිලි එක්ක භාර දෙන්න. මේක ෆිල්කරගෙන යද්දී මුල් පිටුවේ අහන රටට UAE දීලා මේක Address වෙන්න ඕන එකට H. E. The Ambassdor, Embassy of the United Arab Emirates, Colombo කියන එක සදහන් කරන්න. අනිත් පිටුවකදී හේතුව අහන එකට Employment කියලා දෙන්න. අවශ්‍ය ෆොටෝ ෆෝන් එකෙන් අරන් කාටහරි වට්සැප් කරලා ආයේ ඒ ටික ගෙන්නගන්න. එතකොට සයිස් එකක KB250 ට වඩා අඩුවෙනවා. https://eservices.police.lk/ClearanceCertificate/home.action
2. ඒක ඔයාගේ ගෙදරට ලැබුනට පස්සේ E-Channelling එකෙන් Foreign Ministry එකෙන් Attest කරගන්න Appoinment එකක් දාගන්න. ඔයාලට දුර දිනයක් ලැබුනහොත් Approve වුන Visa එකයි Air Ticket එකයි අරන් ගිහින් ඉක්මණින් කරගන්න පුලුවන්. මෙන්න Link එක. යද්දී Original එකේ Photocopy එකක් අරන් යන්න. ඒ වගේම පොලිස් රිපෝට් එක ගන්න සල්ලි ගෙවපු රිසිට් එකත් අරන් යන්න. https://www.echannelling.com/ministry-of-foreign-affairs මේක ඔයා වෙනුවෙන් කරන නිසා ඔයා වෙනුවෙන් ගෙදරින් යන කෙනාගේ නම NIC අංකය අදාල විස්තර දාලා ඔයාගේ Police වාර්තාව Attest කරලා මේ කෙනාට දෙන්න කියලා ලියුමක් ලියලා ගෙදරට යවන්න. ගෙදරින් යන කෙනා ඒ ලියුම Color Print කරගෙන ගියා නම් හරි. මේකට යන Cost එක රු.1,200/- පමණයි.
3. Foreign Ministry එකෙන් Attest කරාට පස්සේ ආයේ අර උඩ කිව්වා වගේ ලියුමක් දෙන්න UAE Embassy - Colombo කියලා Address කරලා. ඒ ලියුමයි, Original Police වාර්තාව සහ Foreign Ministry එකෙන් Attest කරපු එකයි ඔයාගේ Passport Copy එකයි අරන් දෙමටගොඩ සමන්තා Film Hall එක ළඟ තියෙන VFS Global එකට යන්න.තමන් තාම ලංකාවේ නම් ලියුම් නැතුව තමාම ගිහින් වැඩේ කරගන්න. (https://maps.app.goo.gl/AqvhzGPrJVf9WPwn7) එතනින් රු.33,000 ක පමණ මුදලක් දීලා Embassy Attestation එක සහ MOFA Attestation එක කරගන්න පුළුවන්. මෙතනදි ඔයාලා Payment එක කරන්න ඕනා Card Payment එකක් විදිහට විතරයි. මේ Final Attest කරපු Document එක ඔයාට Email එකකින් ලැබේවි.
4. දැන් Embassy එකෙන් Attest කරපු එක PDF එකක් විදිහට ඔයාට E-mail එකට ලැබේවී. ඊට පස්සේ ඒක ඔයාගේ Company එකට දෙන්න Employment Visa Process එකට.
ඔය පියවර ටික කරන්න බොහෝ විට අදාළ ගාස්තු ලෙස රු.40,000/- ක පමණ මුදලක් වැය වෙන්න පුළුවන්. මේ වෙද්දී Visit ඇවිල්ලා ඉන්න ඔයාලා Job එකක් තිබ්බත් නැතත් ඉක්මනට මේ පොලිස් වාර්තාවේ වැඩේ කරගන්න මොකද මේකට අවම වශයෙන් සති 4-6 අතර කාලයක් යන්න පුළුවන්.
දැනට UAE Visit වීසා දාන්න ඉන්න අය හෝ Visa දාලා එන්න බලන් ඉන්න අය හැකි ඉක්මනට ඔය වැඩේ කරගෙනම එන්න. ලංකාවේ ඉන්න අය ඉක්මනට Online Police වාර්තාව අරගෙන වැඩේ කරගන්න. Attest කරගන්න කාලය මදියි වගේ නම් ගෙදර කෙනෙක්ට අදාල ලියුම් දීලා කරගෙන ඔයාලට එවන්න කියන්න.
දැන් මේක අනිවාර්ය අත්‍යවශ්‍ය දෙයක්. ඕක නැතුව Employment Visa Approve වෙන්නේ නැහැ. ඒ නිසා මේක නොපමාව කරගන්න.

Comments
Post a Comment